ගොපලූ (කව්බෝයි  හෝ වෙස්ටර්න්) චිත‍්‍රපට


1960 දශකය තුල නිපදවන ලද චිත‍්‍රපට අතුරින් වැඩිම ප‍්‍රමාණයක් අයත් වන්නේ මෙම කාණ්ඩයටය. ඇමරිකානු ඉතිහාසයේ එක්තරා යුගයක් විදහා දක්වන මෙම චිත‍්‍රපට  වීරත්වය මෙන්ම මානව දයාව ද පිළිඹිබු කරයි. මෙම ගොපලූ චිත‍්‍රපට අතුරින් වඩාත්ම කතා බහට ලක්වූ චිත‍්‍රපට කිහිපය වන්නේ ඉතාලි ජාතික සර්ජියෝ ලියෝනේ අධ්‍යක්ෂණය කරන ලද, ක්ලින්ට් ඊස්ට්වුඞ් ප‍්‍රධාන චරිතය ර`ගන  ,අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964),,  ,ෆෝර් අ ෆිව් ඩොලර්ස් මෝර් (1965*,,  ,ද ගුඞ් ද බෑඞ් ඇන්ඞ් දි අග්ලි  (1966*,,  සහ චාල්ස් බ්‍රොන්සන් ප‍්‍රධාන චරිතය ර`ගන  ,වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් (1968*, ය.








       


මෙම චිත්‍රපට වල විශේෂත්වයක් ඇත. මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත්තේ ඉතාලි ජාතිකයන් වීම මෙන්ම මේවා සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ ද ඉතාලියේ , ස්පාඤ්ඤයේ හෝ වෙනත් යුරෝපීය රටවල වීමය. මේ නිසා මෙම චිත‍්‍රපට  ස්පැගටි වෙස්ටර්න් චිත‍්‍රපට යනුවෙන්ද හඳුන්වයි. (ස්පැගටි යනු ඉතාලියට ආවේණික රසවත් ආහාරයකි).

          සර්ජියෝ කෝර්බුචි ගේ නිර්මාණයක් වන ෆ‍්‍රැන්කෝ නීරෝ ප‍්‍රධාන චරිතය රඟන “”django ( 1966)”” සර්ජියෝ සොලිමා ගේ නිර්මාණයක් වන ජියාන් මරියා වොලන්ටේ ප‍්‍රධාන චරිතය රඟන “”ෆේස් ටු ෆේස් (1967)””  රොමෝලෝ ගුවෙරියේරි ගේ නිර්මාණයක් වන “”10000 ඩොලර්ස් ෆොර් අ මැසක්‍රේ (1967)””, ජියාන් ෆ‍්‍රැන්කෝ පැරොලිනි ගේ නිර්මාණයක් වන ලී වැන් ක්ලීෆ් ප‍්‍රධාන චරිතය රඟන “”සබාතා (1969)””, ජියාන් ෆ‍්‍රැන්කෝ බැල්ඩෙලොස් ගේ නිර්මාණයක් වන ගයි මැඩිසන් ප‍්‍රධාන චරිතය රඟන “”දිස් මෑන් කාන්ට් ඩයි (1968)”” මෙම යුගයට අයත් තවත් ස්පැගටි  වෙස්ටර්න් චිත‍්‍රපට වේ.    






ඇමරිකා එක්සත් ජනපදයේම නිපදවන ලද ගොපලූ චිත‍්‍රපට අතුරින් වඩාත් ම කතා බහට ලක්වූ ඒවා වන්නේ, ජෝන් ස්ටර්ජස් ගේ නිර්මාණයක් වන යූල් බ‍්‍රයනර් ප‍්‍රධාන චරිතය රඟන   the Magnificent Seven (1960) එහිම නැවත නිර්මාණයක් සේ සැලකෙන බර්ට් කෙනඩි ගේ නිර්මාණයක් වන යූල් බ‍්‍රයනර් ම ප‍්‍රධාන චරිතය රඟන     Return of the Magnificent Seven (1966) ටෙඞ් පෝස්ට් ගේ නිර්මාණයක් වන ක්ලින්ට් ඊස්ට්වුඩ් ප‍්‍රධාන චරිතය රඟන   hang’em High (1968)  මාර්ටින් රිට් ගේ නිර්මාණයක් වන පෝල් නිව්මන් ප‍්‍රධාන චරිතය රඟන Hombre (1967) , හොවාර්ඩ් හෝක්ස් ගේ නිර්මාණයක් වන ජෝන් වෙයින් සහ රොබර්ට් මිචුම් ප‍්‍රධාන චරිත රඟන එල් ඩොරාඩෝ (1966), ඩොන් ටේලර් ගේ නිර්මාණයක් වන  ෆයිව් මෑන් ආර්මි (1969),  ජේ. ලී තොම්සන් ගේ නිර්මාණයක් වන ග්‍රෙගරි පෙක් සහ ඔමාර් ෂරීෆ් ප‍්‍රධාන චරිත රඟන ර්‍මැකෙනාස් ගෝල්ඩ් (1969),  ටොම් ග්‍රීස් ගේ නිර්මාණයක් වන ජිම් බ‍්‍රවුන් සහ බර්ට් රෙනෝල්ඩ්ස් ප‍්‍රධාන චරිත රඟන වන් හන්ඩ්රඩ් රයිෆල්ස් (1969) වේ.



 





මතුසම්බන්දයි...


සැ:යු:  ඉහත සඳහන් කර ඇති සියළුම චිත‍්‍රපට, වෙන වෙනම ගෙන ඒවායේ කථාව (සැකෙවින්), රඟපාන නළු නිළියන් ගේ විස්තර, චිත‍්‍රපටයේ ගුණ අගුණ පිලිබඳ කෙටි විචාරයක් සහ එම චිත‍්‍රපටවලට අදාළ වෙනත් කරුණු ද ඇතුළුව සවිස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. 
සංස්කාරක 

ඉහත සඳහන් චිත‍්‍රපට සහ තවත් පැරණි ඉංග්‍රීසි චිත‍්‍රපට දහස් ගණනක් පහත සඳහන් ස්ථානයෙන් ඉතාමත් පහසු මිලට ලබාගත හැක. ඔබත් පැමිණෙන්න. සියළුම දිනවල උදේ 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතයි.

දිලීප මූවි වර්ල්ඩ්,
විපශ්‍යාරාම පාර (ආරම්භයේ),
දෙහිවල පාර, මහරගම
(නැෂනල් සිනමාහල අසළ)
විමසීම් 077 2485084

          

Comments

Popular posts from this blog