ගොපලූ (කව්බෝයි හෝ වෙස්ටර්න්) චිත‍්‍රපට 1960 දශකය තුල නිපදවන ලද චිත‍්‍රපට අතුරින් වැඩිම ප‍්‍රමාණයක් අයත් වන්නේ මෙම කාණ්ඩයටය. ඇමරිකානු ඉතිහාසයේ එක්තරා යුගයක් විදහා දක්වන මෙම චිත‍්‍රපට වීරත්වය මෙන්ම මානව දයාව ද පිළිඹිබු කරයි. මෙම ගොපලූ චිත‍්‍රපට අතුරින් වඩාත්ම කතා බහට ලක්වූ චිත‍්‍රපට කිහිපය වන්නේ ඉතාලි ජාතික සර්ජියෝ ලියෝනේ අධ්‍යක්ෂණය කරන ලද, ක්ලින්ට් ඊස්ට්වුඞ් ප‍්‍රධාන චරිතය ර`ගන ,අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964),, ,ෆෝර් අ ෆිව් ඩොලර්ස් මෝර් (1965*,, ,ද ගුඞ් ද බෑඞ් ඇන්ඞ් දි අග්ලි (1966*,, සහ චාල්ස් බ්‍රොන්සන් ප‍්‍රධාන චරිතය ර`ගන ,වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් (1968*, ය. මෙම චිත්‍රපට වල විශේෂත්වයක් ඇත. මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත්තේ ඉතාලි ජාතිකයන් වීම මෙන්ම මේවා සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ ද ඉතාලියේ , ස්පාඤ්ඤයේ හෝ වෙනත් යුරෝපීය රටවල වීමය. මේ නිසා මෙම චිත‍්‍රපට ස්පැගටි වෙස්ටර්න් චිත‍්‍රපට යනුවෙන්ද හඳුන්වයි. (ස්පැගටි යනු ඉතාලියට ආවේණික රසවත් ආහාරයකි). ...