Posts

Showing posts from October, 2018
Image
ගොපලූ (කව්බෝයි  හෝ වෙස්ටර්න්) චිත‍්‍රපට 1960 දශකය තුල නිපදවන ලද චිත‍්‍රපට අතුරින් වැඩිම ප‍්‍රමාණයක් අයත් වන්නේ මෙම කාණ්ඩයටය. ඇමරිකානු ඉතිහාසයේ එක්තරා යුගයක් විදහා දක්වන මෙම චිත‍්‍රපට  වීරත්වය මෙන්ම මානව දයාව ද පිළිඹිබු කරයි. මෙම ගොපලූ චිත‍්‍රපට අතුරින් වඩාත්ම කතා බහට ලක්වූ චිත‍්‍රපට කිහිපය වන්නේ ඉතාලි ජාතික සර්ජියෝ ලියෝනේ අධ්‍යක්ෂණය කරන ලද, ක්ලින්ට් ඊස්ට්වුඞ් ප‍්‍රධාන චරිතය ර`ගන  ,අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964),,  ,ෆෝර් අ ෆිව් ඩොලර්ස් මෝර් (1965*,,  ,ද ගුඞ් ද බෑඞ් ඇන්ඞ් දි අග්ලි  (1966*,,  සහ චාල්ස් බ්‍රොන්සන් ප‍්‍රධාන චරිතය ර`ගන  ,වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් (1968*, ය.         මෙම චිත්‍රපට වල විශේෂත්වයක් ඇත. මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත්තේ ඉතාලි ජාතිකයන් වීම මෙන්ම මේවා සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ ද ඉතාලියේ , ස්පාඤ්ඤයේ හෝ වෙනත් යුරෝපීය රටවල වීමය. මේ නිසා මෙම චිත‍්‍රපට  ස්පැගටි වෙස්ටර්න් චිත‍්‍රපට යනුවෙන්ද හඳුන්වයි. (ස්පැගටි යනු ඉතාලියට ආවේණික රසවත් ආහාරයකි).      ...