Posts

Image
ගොපලූ (කව්බෝයි  හෝ වෙස්ටර්න්) චිත‍්‍රපට 1960 දශකය තුල නිපදවන ලද චිත‍්‍රපට අතුරින් වැඩිම ප‍්‍රමාණයක් අයත් වන්නේ මෙම කාණ්ඩයටය. ඇමරිකානු ඉතිහාසයේ එක්තරා යුගයක් විදහා දක්වන මෙම චිත‍්‍රපට  වීරත්වය මෙන්ම මානව දයාව ද පිළිඹිබු කරයි. මෙම ගොපලූ චිත‍්‍රපට අතුරින් වඩාත්ම කතා බහට ලක්වූ චිත‍්‍රපට කිහිපය වන්නේ ඉතාලි ජාතික සර්ජියෝ ලියෝනේ අධ්‍යක්ෂණය කරන ලද, ක්ලින්ට් ඊස්ට්වුඞ් ප‍්‍රධාන චරිතය ර`ගන  ,අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964),,  ,ෆෝර් අ ෆිව් ඩොලර්ස් මෝර් (1965*,,  ,ද ගුඞ් ද බෑඞ් ඇන්ඞ් දි අග්ලි  (1966*,,  සහ චාල්ස් බ්‍රොන්සන් ප‍්‍රධාන චරිතය ර`ගන  ,වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් (1968*, ය.         මෙම චිත්‍රපට වල විශේෂත්වයක් ඇත. මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත්තේ ඉතාලි ජාතිකයන් වීම මෙන්ම මේවා සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ ද ඉතාලියේ , ස්පාඤ්ඤයේ හෝ වෙනත් යුරෝපීය රටවල වීමය. මේ නිසා මෙම චිත‍්‍රපට  ස්පැගටි වෙස්ටර්න් චිත‍්‍රපට යනුවෙන්ද හඳුන්වයි. (ස්පැගටි යනු ඉතාලියට ආවේණික රසවත් ආහාරයකි).           සර්ජියෝ කෝර්බුචි ගේ නිර්මාණයක් වන ෆ‍්‍රැන්කෝ නීරෝ ප‍්‍රධාන චරිතය රඟන “”dja
Image
හොලිවුඩ් සිනමා 1960 දශකය 1960 දශකය තුල නිපදවන ලද හොලිවුඩ් චිත‍්‍රපට හදුන්වාදීමක්  ශී‍්‍ර ලංකාවේ මෙන්ම ලෝක සිනමාව තුලද 1960 දශකය යනු ස්වර්ණමය යුගයකි. මෙම දශකය තුල ඇමරිකාවේ හොලිවුඩ්  පුරයෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨ නිර්මාණ රාශියක් බිහිවූ අතර, හදුන්වා දීමේ පහසුව සදහා ඒවා විවිධ කාණ්ඩ වලට බෙදා වෙන වෙනම හදුන්වා දීමට අදහස් කරමි. මතුසම්බන්දයි... සැ:යු:  ඉහත සඳහන් කර ඇති සියළුම චිත‍්‍රපට ,  වෙන වෙනම ගෙන ඒවායේ කථාව (සැකෙවින්) ,  රඟපාන නළු නිළියන් ගේ විස්තර ,  චිත‍්‍රපටයේ ගුණ අගුණ පිලිබඳ කෙටි විචාරයක් සහ එම චිත‍්‍රපටවලට අදාළ වෙනත් කරුණු ද ඇතුළුව සවිස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.  සංස්කාරක  ඉහත සඳහන් චිත‍්‍රපට සහ තවත් පැරණි ඉංග්‍රීසි චිත‍්‍රපට දහස් ගණනක් පහත සඳහන් ස්ථානයෙන් ඉතාමත් පහසු මිලට ලබාගත හැක. ඔබත් පැමිණෙන්න. සියළුම දිනවල උදේ 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතයි. දිලීප මූවි වර්ල්ඩ්, විපශ්‍යාරාම පාර (ආරම්භයේ), දෙහිවල පාර ,  මහරගම ( නැෂනල් සිනමාහල අසළ) විමසීම්  077 2485084